Tuesday, October 7

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"





"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"

 06 කොටස


මට කරන්න පුලුවන් දෙයක් තියේද නැද්ද බලන්න විස්තරේ කියලා ඉන්නකෝ. ඊට පස්සේ කරන දෙයක් කරමු. හොඳ ළමයා වගේ මට කියන්න මොකක්ද ඒ කියලා. මන් ඔයාව මරාගෙන කන්න යකෙක් නෙමේ. මොන දේ ඔයාට වෙලා තිබ්බත් දැන් ඔයා මගේ බිරිඳ කියලා මන් අමතක කරන්නේ නැහැ. කියන්න තවත් බලන් ඉන්නේ නැතුව..

මෙකි ටිකක් වෙලා ඉඳලා වතුර ටිකක් බීලා කතාව පටන් ගත්තා.

සජී පොරොන්දු වෙන්න තරහ ගන්නේ නැහැ කියලා. දැන් මන් මොන දේ කිව්වත් මාත් ඔයා මගේ නීත්‍යානුකූල සැමියා කියලා අමතක කරන්නේ නැ.

හරි ප්‍රොමිස්..

ඔයාට ටිකක් පුදුමෙකුත් ඇති මන් වගේ කෙල්ලෙක් මෙහෙම ප්‍රපොසල් එකකින් හදිස්සියේ බඳින්න මොන තරම් හේතු තියෙන්න ඕනද කියලා. මන් වගේ කෙල්ලෙක්ට ආදරේ කරලා බඳින්න කොල්ලෙක් නැහැ කියන්නේ ඒක ලෝක පුදුම වලින් එකක්. මන් පොඩි කාලේ ඉඳලා ලඟින් ආශ්‍රේ කරපු කෙනෙක් හිටියා. එයාගේ නම කසුන්. මන් කිව්වෙ ආදරේට කසූ කියලා. අපේ ගෙවල් ගාවමයි. පොඩි කාලේ ඉඳන් කෑවෙ බිව්වෙ සෙල්ලං කරේ එකට. අපේ ගෙවල් වලිනුත් කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ. ටික ටික ලොකු වෙන්න අපේ අදහස් පරිනත වෙන්න වෙන්න ටික ටික එයා ගැන මගේ හිතේ අදහසක් ආවා. එයත් ඒක නොපෙන්නුවට එයාගේ හිතෙත් එහම එකක් කල් ඉඳන්ම තිබිලා තියෙනවා. මන් එලේවල් කරපු ගමන් තමා එයත් එක්ක මුල්ම ෆිල්ම් එක බලන්න ගියේ. එදා ඉඳන් එකදිගට අවුරුදු දෙකක් ආදරේ කරා ගහයි පොත්තයි වගේ. අපි අතෙරේ කවදාවත් පිට ප්‍රශ්න තිබුනේ නැහැ. එයාට මන් විතරයි මට එයා විතරයි කවදාවත්ම එයාගෙන් වැරදි දෙයක් මට උනේ නැහැ. මගෙන් එයාට වැරද්දක් උනෙත් නැ. අපි හිතං හිටියේ බැඳලා ඇමරිකා යන්න එයාගේ මාමල එහෙම එහෙ ඉන්නේ. අපේ ගෙවල් වලිනුත් කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නැ. බඳින්න දවස් දෙකක් තියලා..........................................




.....................හෙට ඉතිරි ටික...............






  .............පස්වන කොටසට...............



"වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D

Friday, October 3

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"




05 කොටස 

මේකිගේ තියෙන්නෙම " යන්න ඕන.. ඉන්න බෑ... " කියන මූණක්. ටිකක් වෙලා කකා ඉද්දි මම කතාවට පැන්නා..

හිමින් කන්න හිරවෙයි.

මීට වඩා හිමින් කන්න ගියොත් හෙට වෙනකම්වත් කන්න වෙයි... අනික මන් ආසම කෑමක් තමා රොටි.

මේ ඒක නෙමේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අහන්නද ?

අහන්න අහන්න. ඕවා අහන්නේ නැතුව හංගන් ඉඳලා පස්සේ තමා විඳවන්න වෙන්නෙ

හම්මේ මේකිගේ උත්තරේ තියෙන ඝනකම. ටිකක් බයත් හිතුනා මෙකි ගැන. ඕන එකක් කියලා ටිකක් වෙලා සයිලන්ට් එකේ ඉඳලා ආයෙත් කතාවට බැස්සා..

ඔයාගෙ මූනේ තියෙන්නේ හෙන අමුතු හැගීමක්. ඕනවට එපාට ඉන්නවා වගේ. ඔයා කොච්චර නැහැයි කිව්වත් ඒක තමා හරි. තියෙන අවුල් ඔක්කොම කියලා දැන්ම ඒවා ඉවරයක් කරගෙන ඉස්සරහට යන එක නේද හොඳ..

යටගිය දේවල් අවුස්සලා වැඩක් නැහැ සජී. ඒවා ඔයාට කිව්වා කියලා ඔයාට කරන්න කියල දේකුත් නැ. හොඳම දේ තමා මේ කතාව නවත්තලා වෙන දෙයක් ගැන කතා කරමු. ඒක මටත් හොඳයි ඔයාටත් හොඳයි සජී. මට ආදරයක් තියෙනවනං ඔය දේ ගන ආයෙ මගෙන් අහන්න එපා. ප්ලීස්

ඒකිගේ ඒ වචන ටිකෙන් තේරෙන්නෙ ඒකි මොකක්හරි දෙයක් මගෙන් හංගන්න හදනවා වගේ. මට ඕක කොහොමහරි අහගන්න ඕනේ. නැතුව මේ කන රොටි කෑල්ල බඩට යන්නේ නැ වගේ. ආයෙත් කතාවට බැස්සා.

මට කරන්න පුලුවන් දෙයක් තියේද නැද්ද බලන්න විස්තරේ කියලා ඉන්නකෝ. ඊට පස්සේ කරන දෙයක් කරමු. හොඳ ළමයා වගේ මට කියන්න මොකක්ද ඒ කියලා. මන් ඔයාව මරාගෙන කන්න යකෙක් නෙමේ......................
 


...............ඊළඟ කොටසට...............




 
හතර කොටසට...........


"වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D

Wednesday, October 1

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"




04 කොටස

අරහෙ මාව විස්වාස කරපු මට හදවතින්ම ආදරෙ කරපු කෙනෙක් තනිවෙලා ඉන්නවා කියලා හිතද්දී මන් කොහොමද කසු හිනා වෙලා ඉන්නේ. අනික මන් එයාට බලාපොරොත්තු දුන්නා බොරුවට හරි. ඔයාම කියන්නකෝ කොහොමද මන් හිනා වෙන්නේ කියල. අද ඔයා එයාගේ තැන හිටියනං ඔයාට මොන වගේ හැගීමක් ඇත්ද.

මට තේරෙනවා ඒ උනාට මට එයා ගැන හිතලා ඔයාව නැති කරගන්න බැ සඳු. ඔයත් එයාට වඩා මාව වටින නිසයි මෙහෙම ආවෙ. අනික එයාමනේ මේ ඔක්කොම අපිට ලැස්ති කරලා දුන්නේ. ඒ වගේ මනුස්සයෙක් ලබන්න කෙල්ලෙක් පින් කරන්න ඕන ඒත් ඔයා ඒ තරම් පින් කරලා නැ. ඔයා පින් කරලා තියෙන්නෙ මන් වගේ කාලකන්නියෙක් ලබන්න. අන්න ඒකයි මන් කියන්නේ හැක හැක..

හරක. කොයි දේත් විහිලු. පොඩි කාලේ ඉඳන් තියෙන මොංගල් ගතිය තාම අඩු වෙලා නෑ නේද. හිකිස්..

ආ සුන්දරී ඔය හිනා වෙන්නෙ ලස්සනට. දැන් ඔය පේස්ට්‍රි එක දිහා බලන් පිළිකුල් භාවනා කරන්නේ නැතුව ඕක කන්නකෝ. තව රටින් බාගයක්ම යන්න තියෙනවා...

- - - - - - - - - - - - - - -

නාගෙන කරගෙන ඇවිල්ලා සඳු හදපු රොටි ටිකත් මෙසේ තියාගෙන දෙන්නම කන්න ලැස්ති උනා. ඒත් එයාගේ මූනේ තිබ්බෙ අමුතු ලයින් එකක්. ඊයේ රෑ " අනේ සජී තව තව " කියපු මේකි මොකෝ මේ මූණ එල්ලගෙන.දාහක් දේවල් හිතට ආවත් මුකුත් අහන්න ගියේ නැ. ඒ උනාට මට මූණ දැක්කම කෙල්ලෙක්ගෙ හිතක් කියවන්න පුලුවන්. මේකිගේ තියෙන්නෙම " යන්න ඕන.. ඉන්න බෑ... " කියන මූණක්. ටිකක් වෙලා කකා ඉද්දි මම කතාවට පැන්නා..

හිමින් කන්න හිරවෙයි..........................


 

.....................ඊලග කොටසට...............
 


03 කොටසට


"වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D