Tuesday, October 7

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"





"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"

 06 කොටස


මට කරන්න පුලුවන් දෙයක් තියේද නැද්ද බලන්න විස්තරේ කියලා ඉන්නකෝ. ඊට පස්සේ කරන දෙයක් කරමු. හොඳ ළමයා වගේ මට කියන්න මොකක්ද ඒ කියලා. මන් ඔයාව මරාගෙන කන්න යකෙක් නෙමේ. මොන දේ ඔයාට වෙලා තිබ්බත් දැන් ඔයා මගේ බිරිඳ කියලා මන් අමතක කරන්නේ නැහැ. කියන්න තවත් බලන් ඉන්නේ නැතුව..

මෙකි ටිකක් වෙලා ඉඳලා වතුර ටිකක් බීලා කතාව පටන් ගත්තා.

සජී පොරොන්දු වෙන්න තරහ ගන්නේ නැහැ කියලා. දැන් මන් මොන දේ කිව්වත් මාත් ඔයා මගේ නීත්‍යානුකූල සැමියා කියලා අමතක කරන්නේ නැ.

හරි ප්‍රොමිස්..

ඔයාට ටිකක් පුදුමෙකුත් ඇති මන් වගේ කෙල්ලෙක් මෙහෙම ප්‍රපොසල් එකකින් හදිස්සියේ බඳින්න මොන තරම් හේතු තියෙන්න ඕනද කියලා. මන් වගේ කෙල්ලෙක්ට ආදරේ කරලා බඳින්න කොල්ලෙක් නැහැ කියන්නේ ඒක ලෝක පුදුම වලින් එකක්. මන් පොඩි කාලේ ඉඳලා ලඟින් ආශ්‍රේ කරපු කෙනෙක් හිටියා. එයාගේ නම කසුන්. මන් කිව්වෙ ආදරේට කසූ කියලා. අපේ ගෙවල් ගාවමයි. පොඩි කාලේ ඉඳන් කෑවෙ බිව්වෙ සෙල්ලං කරේ එකට. අපේ ගෙවල් වලිනුත් කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ. ටික ටික ලොකු වෙන්න අපේ අදහස් පරිනත වෙන්න වෙන්න ටික ටික එයා ගැන මගේ හිතේ අදහසක් ආවා. එයත් ඒක නොපෙන්නුවට එයාගේ හිතෙත් එහම එකක් කල් ඉඳන්ම තිබිලා තියෙනවා. මන් එලේවල් කරපු ගමන් තමා එයත් එක්ක මුල්ම ෆිල්ම් එක බලන්න ගියේ. එදා ඉඳන් එකදිගට අවුරුදු දෙකක් ආදරේ කරා ගහයි පොත්තයි වගේ. අපි අතෙරේ කවදාවත් පිට ප්‍රශ්න තිබුනේ නැහැ. එයාට මන් විතරයි මට එයා විතරයි කවදාවත්ම එයාගෙන් වැරදි දෙයක් මට උනේ නැහැ. මගෙන් එයාට වැරද්දක් උනෙත් නැ. අපි හිතං හිටියේ බැඳලා ඇමරිකා යන්න එයාගේ මාමල එහෙම එහෙ ඉන්නේ. අපේ ගෙවල් වලිනුත් කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නැ. බඳින්න දවස් දෙකක් තියලා..........................................




.....................හෙට ඉතිරි ටික...............






  .............පස්වන කොටසට...............



"වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D

No comments:

Post a Comment