Friday, October 3

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"




05 කොටස 

මේකිගේ තියෙන්නෙම " යන්න ඕන.. ඉන්න බෑ... " කියන මූණක්. ටිකක් වෙලා කකා ඉද්දි මම කතාවට පැන්නා..

හිමින් කන්න හිරවෙයි.

මීට වඩා හිමින් කන්න ගියොත් හෙට වෙනකම්වත් කන්න වෙයි... අනික මන් ආසම කෑමක් තමා රොටි.

මේ ඒක නෙමේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අහන්නද ?

අහන්න අහන්න. ඕවා අහන්නේ නැතුව හංගන් ඉඳලා පස්සේ තමා විඳවන්න වෙන්නෙ

හම්මේ මේකිගේ උත්තරේ තියෙන ඝනකම. ටිකක් බයත් හිතුනා මෙකි ගැන. ඕන එකක් කියලා ටිකක් වෙලා සයිලන්ට් එකේ ඉඳලා ආයෙත් කතාවට බැස්සා..

ඔයාගෙ මූනේ තියෙන්නේ හෙන අමුතු හැගීමක්. ඕනවට එපාට ඉන්නවා වගේ. ඔයා කොච්චර නැහැයි කිව්වත් ඒක තමා හරි. තියෙන අවුල් ඔක්කොම කියලා දැන්ම ඒවා ඉවරයක් කරගෙන ඉස්සරහට යන එක නේද හොඳ..

යටගිය දේවල් අවුස්සලා වැඩක් නැහැ සජී. ඒවා ඔයාට කිව්වා කියලා ඔයාට කරන්න කියල දේකුත් නැ. හොඳම දේ තමා මේ කතාව නවත්තලා වෙන දෙයක් ගැන කතා කරමු. ඒක මටත් හොඳයි ඔයාටත් හොඳයි සජී. මට ආදරයක් තියෙනවනං ඔය දේ ගන ආයෙ මගෙන් අහන්න එපා. ප්ලීස්

ඒකිගේ ඒ වචන ටිකෙන් තේරෙන්නෙ ඒකි මොකක්හරි දෙයක් මගෙන් හංගන්න හදනවා වගේ. මට ඕක කොහොමහරි අහගන්න ඕනේ. නැතුව මේ කන රොටි කෑල්ල බඩට යන්නේ නැ වගේ. ආයෙත් කතාවට බැස්සා.

මට කරන්න පුලුවන් දෙයක් තියේද නැද්ද බලන්න විස්තරේ කියලා ඉන්නකෝ. ඊට පස්සේ කරන දෙයක් කරමු. හොඳ ළමයා වගේ මට කියන්න මොකක්ද ඒ කියලා. මන් ඔයාව මරාගෙන කන්න යකෙක් නෙමේ......................
 


...............ඊළඟ කොටසට...............




 
හතර කොටසට...........


"වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D

No comments:

Post a Comment