Tuesday, September 30

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"

03 කොටස 

මට තේරෙනවා කසූ. අපි කොහෙන්හරි කාලා යමුද. දවලුත් වෙලා උදේ කාපු ටික විතරයි.

කොහෙද ඔයාට යන්න ඕන KFC ද Mac ද don ද කොහෙද. ඔයා කියන ඕන තැනක නවත්තන්න මේ රථයට හැකි ප්‍රිය.

අනේ විකාර ඔය සයිවර් කඩෙන් නවත්තන්න මොනාහරි කාලා යමු....

මොන පිස්සුද අලුත් ගෙදරට යන මුල්ම දවසේ ඔය මුස්ලිම් හෝටල් වලින් කාලා හරියනවද.. කියලා බයිලා වගයක් කියලා ඩොන් එකට වාහනේ හැරෙව්වා. ඒ උනාට කෙල්ලගේ මූනේ තියෙන්නෙම මිනිහ මැරුණ මූඩ් එකක්. කොච්චර ට්‍රයි කරත් ඒක පොඩ්ඩක් වෙනස් කරන්න පුලුවන් උනාට සම්පූර්නෙන් වෙනස් කරන්න පුලුවන් උනේ නැ. කමක් නැ ටිකක් දවස් ඉද්දි ඕක ඇරිලා යයි කියලා හිතලා ෂොට්ඊට්ස් ටිකක් ගේන්න කියලා සඳු ගේ මූණ දිහා ටිකක් වෙලා බලන් හිටියා..

මේ.. හලෝ.. කවුද දැන් මැරිලා තියෙන්නෙ ?

ආයෙත් විකාර කියවනවා. ඔයා අද මගේ තැන හිටියනං ඔහොම කියන්නේ නැහ් කසුන්. ඉස්සරහට පවුල් කනවනම් ඔයාට මගේ පැත්තෙනුත් හිතන්න පුලුවන් වෙන්න ඕන හරිද ?

අර යකා එක්ක හිටපු දවස් දෙකට මෙයාගේ මොලේ විකෘති වෙලා වගේ. මේ දැන් කියන්නකෝ තමාත් මොකෝ මූණ එල්ලන් ඉන්නේ කියලා ?

අරහෙ මාව විස්වාස කරපු මට හදවතින්ම ආදරෙ කරපු කෙනෙක් තනිවෙලා ඉන්නවා කියලා හිතද්දී මන් කොහොමද කසු හිනා වෙලා ඉන්නේ. අනික මන් එයාට බලාපොරොත්තු දුන්නා බොරුවට හරි....................
 
.....................හතර කොටසට...............

දෙක කොටසට..........

"වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D

Monday, September 29

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි - "

02 කොටස

හසිද්දී මගුලක්. අපේ ගෙදර උන්ටයි ඒකිගේ ගෙදර උන්ටයි හෙන හදිස්සිය හරියට කෙල්ල අනිද්දා පැනලා යනවා වගේ. ඉස්සර වගේ කොල්ලෝ එක්ක වැව ළඟ සෙට් වෙලා මලක් ගහගෙන පාවෙවී ඉන්න බැ රට දෙබෑ කරගෙන සංගීත පස්සෙ යන්න බැ. ඒ උනාට ඒ දේවල් කරන්න බැරි උනා කියලා මට දුකක් තිබුනෙත් නැ මොකද මේකි ටිකක් මගේ හිතට ඇල්ලුවා. කෙල්ල දැන් මගේ නීත්‍යානුකූල බිරිඳ උනාට තාම මන් එයත් එක්ක හරියට පැයක්වත් කතා කරලා නැ. කුස්සිය පැත්තෙ වතුර වැටෙන සද්දයක් ආවා. අන්න සඳු නැගිටලා. මන් පල්ලෙහාට ගියා ඒ ලස්සන මූණ බලගන්න. හරි සිරියාවයි මගේ තඩි ෂර්ට් එකක් ඇඳගෙන තේ හදනවා.

සඳු.. ගුඩ් මෝනින්.. මොකෝ මේ උදෙන්ම ඇහැරලා. මන් හිතුවෙ ඊයෙ රෑ මහන්සියටත් එක්ක හෙට වෙනකම්වත් නිදාගනි කියලා.

මෝනින්.. පිස්සුද අනේ එහෙම නිදාගන්නෙ කොහොමද කරන්න කීයක්නම් වැඩ තියෙනවද ඔයාගේ ගෙදර පිස්සන් කොටුවක් වගේ පොඩ්ඩක් අස් පස් කරලා දාන්නත් ඕන.

ඔය මේස අස්සෙ එහෙම අදිද්දී පරිස්සමෙන්. ඉන්නකෝ මාත් වොෂ් එකක් දාගෙන එන්නම් දෙන්නම අස් කරමු..

කියලා කිස් එකක් දීලා ටවල් එකත් ඇඳගෙන නාගන්න ගියා. සෝක් කෙල්ල මොනා උනත්. හෙන ගහන්න වගේ හම්බුනත් මාවම හොයාගෙන ආපු කෙල්ලෙක් වගේ පේන්නෙ.

- - - - - - - - - - - - - - - - - -

මට තේරෙනවා කසූ. අපි කොහෙන්හරි කාලා යමුද. දවලුත් වෙලා උදේ කාපු ටික විතරයි.

කොහෙද ඔයාට යන්න ඕන KFC ද Mac ද don ද කොහෙද. ඔයා කියන ඕන තැනක නවත්තන්න මේ රථයට හැකි ප්‍රිය...........................

.....................ඊලග කොටසට..............

එක කොටසට මෙතනින්

"වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D

Sunday, September 28

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"

01 කොටස

කසූ.. බෑග් ටික ඩිකියෙ ලොක් කරා නේද මතක් කරලා ?

මම බීලා කියල හිතුවද කෙල්ලේ ඕවා අමතක වෙන්න. කියන්න බැ මේ වෙලාවෙ මට දැනෙන සතුටට ඒක අමතක උනාද දන්නෙත් නැහැ හැක හැක. සඳු මොකද අවුලෙන් ? මන් කීවනේද පරණ කෝන්තර ඔක්කොම අමතක කරන්න කියල..

ඒ උනාට කසූ මට හිතෙන්නෙම මම මහා පවක් කරගන්න හදනවා කියලා. කවදාවත් පියවන්න බැරි පවක්. මන් කොහොමද අරහේ වෙන දේවල් දැන දැනත් සතුටින් ඉන්නේ. මට තේරෙන්නේ නැහැ කසූ..

එහෙනම් අපි හරවන් යමුද. ?

එපා එපා. මන් කොහොම හරි හිත හදාගන්නං..

මම මෙච්චර කල් පෙරුම් පිරුවෙ ඔයාව මගේ ලඟට ගන්න. අද මොන තරම් දේවල් උනත් ඔයා මගේ ළඟ ඉන්නවා. ඔයත් බලන් හිටියේ අද වගේ දවසක් එනකම් නේද ඒ වගේ සතුටු දවසක් මෙහෙම කතා කියලා අවලස්සන කරන්නෙපා සඳු..

- - - - - - - - - - - - - - - - - -

වයස 24ක් බොක්කෙන් ලව් කරාට මට බොක්කෙන් කරපු එකියක් නම් හොයාගන්න බැරි උනා. උන් ඔක්කොම අපිව කාලා නැතිබංගස්තාන කරලා ගියා මිසක් කිසිම විදිහකට මට හොඳක් නම් කරේ නැ. අදටත් මට කෙල්ලෝ අරහන්. එහෙම උනාට ඊයෙ ඒ අරහන් ගතිය ටිකක් නැති උනා වගේ හැගීමක් ආවා. මොකද ඊයෙ එක්කෙනෙක් සදාකාලිකවම නවතින්න මගේ ලඟට ආවා. අපේ අම්මලාගේ යාලුවෙක්ගෙ දුවෙක්. සීදේවි කෙල්ල පෙරේදා තමයි මමත් පලවෙනි පාරට දැක්කේ. හසිද්දී මගුලක්. අපේ ගෙදර උන්ටයි ඒකිගේ ගෙදර උන්ටයි හෙන හදිස්සිය හරියට කෙල්ල අනිද්දා පැනලා යනවා වගේ. ඉස්සර වගේ කොල්ලෝ එක්ක වැව ළඟ සෙට් වෙලා මලක් ගහගෙන පාවෙවී ඉන්න බැ රට දෙබෑ කරගෙන සංගීත පස්සෙ යන්න බැ. ඒ උනාට ඒ දේවල් කරන්න බැරි උනා කියලා මට දුකක් තිබුනෙත් නැ මොකද මේකි ටිකක් මගේ හිතට ඇල්ලුවා. කෙල්ල දැන් මගේ නීත්‍යානුකූල බිරිඳ............
 
.....................දෙක කොටස මෙතනින්...............

"වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D

Ashampoo Burn Studio (Windows xp/7/8/8.1 තුනටම එක හා සමාන හොඳම DVD Burn සොෆ්ට් කට්ට)

මෙන්න ගෙනාවා

https://www.ashampoo.com/en/usd/pin/7110/burning-software/Ashampoo-Burning-Studio-FREE

ඔය කොයි කවුරුත් හුරු වෙලා ඉන්නෙ NERO වලට, ඒ උනාට මේකෙ අමුතුවෙන් හුරු වෙන්න දෙයක් නෑ, මේක ඇත්තටම මටනම් නීරෝ වලට වඩා ලේසියි, මෙකෙ තියන හොඳම දෙ තමයි, ජීවිත කාලෙටම මේක ඇති, ඒ කිව්වෙ මේක microsoft එකෙන් ගහපු හැම Os එකටම වැඩ කොටින්ම කෙලින් කියනවනම් XP/7/8/8.1 කියන හැම එකටම වැඩ, ඒ කියන්නෙ ජීවිත කාලෙටම එක පාරයි ඩවුන්ලෝඩ් කරන්න ඕන, නීරෝ වගේ OS එකෙන් OS එකට වෙන වෙනම ඩවුන් කරන්න ඕනේ නෑ,

දැන් සමහරු අහයි ඇයි අර ගොඩේ Vista නැත්තෙ, හැම එකටම වැඩ කරනවනම් ඒකටත් වැඩ කරන්න එපායැ කියලා, ඇත්තටම මේකයි කාරනේ, එතෙන්ට විස්ටා දැම්මෙ නැත්තෙ විස්ටා කියන්නෙ අසාර්ථක මෙහෙයුම් පද්ධතියක් නිසා දැන් භාවිතයෙන් අයින් වෙලා තියන නිසයි, හොඳම කාරනාව ඒක නෙමේ, මේක විස්ටා වලටත් වැඩ හො‍ඳේ, install කරගන්න අමාරු නෑ මං ඒකේ screenshot එකක් දෙන්නම්, භාවිතේ ගැටළුවක් තියනවනම්, බ්ලොගේ මතක තියාගෙන බ්ලෝගේ කමන්ටුවක් දාන්න, එච්චරයි

මෙන්න ඩවුන් කරගන්න

https://www.ashampoo.com/en/usd/dld/7110/Ashampoo-Burning-Studio-FREE/

screenshot

"වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D

BseTup blog WIත් සෑම් ෆිෂර්

මෙන්න බ්ලොගේ කතාවකුත් දාන්න හිතුවා
අනේ මංනම් කතා ලියන්‍න දන්නෙ නෑ,
ඒ උනාට බුකියෙ මගෙ හොඳ යාළුවෙක් ඉන්නවා කතා කාරයෙක්
කවුරුත් නෙමේ සෑම් ෆිශර්
බුකියෙ කවුරුත් අඳුරනවනෙ සෑම් ෆිශර්ව,
මෙන්න එයාගෙ කතාවක් මේ බ්ලොගේට ලියන්නම් කිව්වා,
ඉතින් ඒ කතාව මෙන් දැම්මා,
ඕන් කියවන්නකෝ,

කතාවේ නම "- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"
 
මෙන්න කතාව අප්ලෝඩ් කරපු කතාව

පළමුවන කොටස
දෙවන කොටස
තුන්වෙනි කොටස
හතරවෙනි කොටසට

හෙට පස්වෙනි කොටස

"වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D

Saturday, September 27

Soooon..........

ඉඳිරියට
  • ඔබේ Internet Connection එකේ Speed එක වැඩි කරන හැටි

  • Apple Safari web browser එක windows වලට

    your ad here
    ad සඳහා 0715255518

    "වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D

Windows 8 වලට start menu එකක්

Windows 8 වලට කලින් ආ සෑම windows මෙහෙයුම් පද්ධතියකම start menu එකක් තිබ්බනෙ. එ්ක හින්දා ගොඩක් අය start menu එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ. එ්ක හින්දම start menu එක නැති windows 8 මෙහෙයුම් පද්ධතිය ‍ගොඩක් අයට නුහුරුයි වගේ දැනෙනවා තමයි. ඒ හින්දම තමයි Windows 8 මෙහෙයුම් පද්ධතියට start menu එකක් එක් කර ගන්නඩ විවිධ වැඩසටහන් හදලා තියෙන්නෙ.

ඒවා micosoft සමාගමේ නිපැයුම් නම් නෙමෙයි ඈ, ඒ වුනාට windows 8 මෙහෙයුම් පද්ධතිය එක්ක කිසි ප්‍රශ්නයක් නැතුව හොදය ක්‍රියාත්මක වෙන ආරක්ෂාකාරී ඒවා. හොදයි, එහෙනම් දැන් අපි බලමු ලොව ප්‍රකට එවැනි windows 8 start menu වැඩසටහන් කිහිපයක් අතරින් Pokki ‍කියන සයිට් එකෙන් දීපු වැඩසටහන පිළිබඳව,

කොටින්ම දැන් මම පාවිච්චි කරන්නෙත් ඒක තමයි
මේක සම්පූර්ණයෙන්ම නොමිලෙ දෙන වැඩසටහනක්

මෙන්න ඩවුන්ලෝඩ් කර ගන්න.

මෙන්න යටින් screenshot ටිකක් තියනවා

"වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D
Windows 8 වලට කලින් ආ සෑම windows මෙහෙයුම් පද්ධතියකම start menu එකක් තිබිණි. එමනිසා කවුරුත් මේ start menu එකට ඇබ්බැහි වූ අයයි. එනිසා start menu එක නැති windows 8 මෙහෙයුම් පද්ධතියේ යම් නුහුරු බවක් මේ අයට දැනේ. Windows 8 මෙහෙයුම් පද්ධතියට start menu එකක් එක් කර ගන්නටම විවිධ වැඩසටහන් සකසනු ලැබුවේ මේ නිසාමය.

ඒවා micosoft සමාගමේ නිපැයුම් නොවුණාට windows 8 මෙහෙයුම් පද්ධතිය සමග හොදින් ක්‍රියාත්මක වෙන ආරක්ෂාකාරී ඒවාය. හොදයි, එහෙනම් දැන් අපි බලමු ලොව ප්‍රකට එවැනි windows 8 start menu වැඩසටහන් කිහිපයක් පිලිබදව.
- See more at: http://efoax.blogspot.com/2014/09/windows-8-start-menu-5-best-free-start.html#sthash.zRo1eI5f.dpuf