Monday, September 29

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි - "

02 කොටස




හසිද්දී මගුලක්. අපේ ගෙදර උන්ටයි ඒකිගේ ගෙදර උන්ටයි හෙන හදිස්සිය හරියට කෙල්ල අනිද්දා පැනලා යනවා වගේ. ඉස්සර වගේ කොල්ලෝ එක්ක වැව ළඟ සෙට් වෙලා මලක් ගහගෙන පාවෙවී ඉන්න බැ රට දෙබෑ කරගෙන සංගීත පස්සෙ යන්න බැ. ඒ උනාට ඒ දේවල් කරන්න බැරි උනා කියලා මට දුකක් තිබුනෙත් නැ මොකද මේකි ටිකක් මගේ හිතට ඇල්ලුවා. කෙල්ල දැන් මගේ නීත්‍යානුකූල බිරිඳ උනාට තාම මන් එයත් එක්ක හරියට පැයක්වත් කතා කරලා නැ. කුස්සිය පැත්තෙ වතුර වැටෙන සද්දයක් ආවා. අන්න සඳු නැගිටලා. මන් පල්ලෙහාට ගියා ඒ ලස්සන මූණ බලගන්න. හරි සිරියාවයි මගේ තඩි ෂර්ට් එකක් ඇඳගෙන තේ හදනවා.

සඳු.. ගුඩ් මෝනින්.. මොකෝ මේ උදෙන්ම ඇහැරලා. මන් හිතුවෙ ඊයෙ රෑ මහන්සියටත් එක්ක හෙට වෙනකම්වත් නිදාගනි කියලා.

මෝනින්.. පිස්සුද අනේ එහෙම නිදාගන්නෙ කොහොමද කරන්න කීයක්නම් වැඩ තියෙනවද ඔයාගේ ගෙදර පිස්සන් කොටුවක් වගේ පොඩ්ඩක් අස් පස් කරලා දාන්නත් ඕන.

ඔය මේස අස්සෙ එහෙම අදිද්දී පරිස්සමෙන්. ඉන්නකෝ මාත් වොෂ් එකක් දාගෙන එන්නම් දෙන්නම අස් කරමු..

කියලා කිස් එකක් දීලා ටවල් එකත් ඇඳගෙන නාගන්න ගියා. සෝක් කෙල්ල මොනා උනත්. හෙන ගහන්න වගේ හම්බුනත් මාවම හොයාගෙන ආපු කෙල්ලෙක් වගේ පේන්නෙ.

- - - - - - - - - - - - - - - - - -

මට තේරෙනවා කසූ. අපි කොහෙන්හරි කාලා යමුද. දවලුත් වෙලා උදේ කාපු ටික විතරයි.

කොහෙද ඔයාට යන්න ඕන KFC ද Mac ද don ද කොහෙද. ඔයා කියන ඕන තැනක නවත්තන්න මේ රථයට හැකි ප්‍රිය...........................



.....................ඊලග කොටසට..............


එක කොටසට මෙතනින්





"වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D

No comments:

Post a Comment