Sunday, September 28

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"

"- ළඳකට ආදරය නොකරමි. ආදරයට ආදරය කරමි -"

01 කොටස


කසූ.. බෑග් ටික ඩිකියෙ ලොක් කරා නේද මතක් කරලා ?

මම බීලා කියල හිතුවද කෙල්ලේ ඕවා අමතක වෙන්න. කියන්න බැ මේ වෙලාවෙ මට දැනෙන සතුටට ඒක අමතක උනාද දන්නෙත් නැහැ හැක හැක. සඳු මොකද අවුලෙන් ? මන් කීවනේද පරණ කෝන්තර ඔක්කොම අමතක කරන්න කියල..

ඒ උනාට කසූ මට හිතෙන්නෙම මම මහා පවක් කරගන්න හදනවා කියලා. කවදාවත් පියවන්න බැරි පවක්. මන් කොහොමද අරහේ වෙන දේවල් දැන දැනත් සතුටින් ඉන්නේ. මට තේරෙන්නේ නැහැ කසූ..

එහෙනම් අපි හරවන් යමුද. ?

එපා එපා. මන් කොහොම හරි හිත හදාගන්නං..

මම මෙච්චර කල් පෙරුම් පිරුවෙ ඔයාව මගේ ලඟට ගන්න. අද මොන තරම් දේවල් උනත් ඔයා මගේ ළඟ ඉන්නවා. ඔයත් බලන් හිටියේ අද වගේ දවසක් එනකම් නේද ඒ වගේ සතුටු දවසක් මෙහෙම කතා කියලා අවලස්සන කරන්නෙපා සඳු..

- - - - - - - - - - - - - - - - - -

වයස 24ක් බොක්කෙන් ලව් කරාට මට බොක්කෙන් කරපු එකියක් නම් හොයාගන්න බැරි උනා. උන් ඔක්කොම අපිව කාලා නැතිබංගස්තාන කරලා ගියා මිසක් කිසිම විදිහකට මට හොඳක් නම් කරේ නැ. අදටත් මට කෙල්ලෝ අරහන්. එහෙම උනාට ඊයෙ ඒ අරහන් ගතිය ටිකක් නැති උනා වගේ හැගීමක් ආවා. මොකද ඊයෙ එක්කෙනෙක් සදාකාලිකවම නවතින්න මගේ ලඟට ආවා. අපේ අම්මලාගේ යාලුවෙක්ගෙ දුවෙක්. සීදේවි කෙල්ල පෙරේදා තමයි මමත් පලවෙනි පාරට දැක්කේ. හසිද්දී මගුලක්. අපේ ගෙදර උන්ටයි ඒකිගේ ගෙදර උන්ටයි හෙන හදිස්සිය හරියට කෙල්ල අනිද්දා පැනලා යනවා වගේ. ඉස්සර වගේ කොල්ලෝ එක්ක වැව ළඟ සෙට් වෙලා මලක් ගහගෙන පාවෙවී ඉන්න බැ රට දෙබෑ කරගෙන සංගීත පස්සෙ යන්න බැ. ඒ උනාට ඒ දේවල් කරන්න බැරි උනා කියලා මට දුකක් තිබුනෙත් නැ මොකද මේකි ටිකක් මගේ හිතට ඇල්ලුවා. කෙල්ල දැන් මගේ නීත්‍යානුකූල බිරිඳ............
 

.....................දෙක කොටස මෙතනින්...............








"වැඩේ හොඳ උනත් නරක උනත් ඔයාගේ අදහස යටින් කොටලා යනවනම් ලොකු දෙයක්, මොකද ඔයාලගේ අදහස් මට වටිනවා" :D

4 comments:

  1. akuru awll bn. :/ moko me. Kathawa kiywanna amarui bn

    ReplyDelete
    Replies
    1. අකුරු අවුල කිව්වෙ? පොඩ්ඩක් තේරෙන්න කියන්න පුළුවන්ද? ඔයා කියන්නෙ ඇල කරලා තියන එක ගැනද?

      Delete
  2. දිගටම ලියමු, ලියාගෙන යද්දී ඔය ආවේගශීලි ගතිය අඩුවෙයි මල්ලියෝ,, ජය වේවා

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කි, අවේගශිලි ගතිය කියලා අදහස් කලේ ඇයි, ඇත්තටම මේක මං නෙමේ ලියන්නෙ, සෑම් තමා ලියන්නෙ? මං සොෆ්ට්වෙයා දාන එකයි ලියන්නෙ, මාත් කතාවක් ලියාගෙන යනවා, බලමුකෝ

      Delete